යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහන් කරයි.
ඉලවලෙයි පානිපුලම් පදිංචිකරුවෙකු මෙම ප්රහාරය එල්ල කර ඇත. මියගිය සැකකරු වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු වන අතර ඔහු ප්රහාරයට ලක්වූ 19 හැවරිදි තරුණිය සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.
සැකකරු තරුණිය නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ දැරීමේදී ඇති වු කලබලයේදී නිවැසියන්ට ආයුදවලින් පහරදී තිබේ තුවාල ලැබූ මව හා දියණිය ප්රතිකාර සදහා තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කොට ඇත. සැකකරු දිවිනසා ගත්තාදැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.