ආණමඩුව මහඋස්වැව රතනපාල ජාතික පාසලේ 8 ශ්‍රේණීයේ සිසුවියක් අද දහවල් පාසල ඉදිරිපිටදි මාර්ගය මාරුවිමට යාමේදි ලොරි රථයක ගැටි සිදුවු මාරක අනතුරකින් ආණමඩුව රෝහලට ඇතුලත් කර සිටියදි මරණයට පත්වු බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මහඋස්වැව වෙලේවැව උතුර ප්‍රදේශයෙ පදිංචි පවුලේ වැඩිමහල් දරුවා වන රතනපාල ජාතික පාසලේ 8 ශ්‍රේණියෙ අධ්‍යාපනය හදාරමින් සිටි ඊක්ෂනා ගයත්මී නැමති 13 හැවිරිදි දැරියක් බව කියයි.
මෙම දැරිය පාසල නිමා වී සමස්ථ ලංකා නැටුම් තරගාවලියට පාසලේ පැවති Anchorඅදාල පුහුණුවිම් වල යෙදි 2.50 පමන නිවස බලා යාමට බස් රථයට නැගිමට පදික මාරුව දිගේ දිව එද්දි නවගත්තේගම දෙසින් සහල් පටවාගෙන ආ ලොරි රථයක ගැටි බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කර සිටියදි මෙලෙස මරණයට පත්ව තිබුනී.