අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා කීය.
ජේතවනාරාම ස්තූපයේ පිපිරුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව ජේතවනාරාම ස්තූපයේ සලපතල මළුවේ අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා කීවෙි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සකස් කළ වාර්තාවලට අනුව ස්තූපයේ පෙර පැවති පිපිරුම්වල අගයන් හා සැසදීමේදී විශාල වෙනසක් සිදු වී නොමැති බවත්, ස්තූපය පිලිබඳ නිරීක්ෂණ කටයුතු සංස්කෘතික අමාත්‍යංශය ,මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත්හැර නොමැති බවත්ය.
ස්තූපයේ නිරීක්ෂණය සඳහා පත් කළ විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා කීවෙි
2023 වසරේ සිට මේ දක්වා කාලය තුළදී පිපිරුම් වර්ධනය මීටර් දශම දෙකක් වන අතර මේ වන විට පිපිරුම් ප්‍රසාරණය වීම නැවතීමට ලක් වී ඇති බවත්, 2016 සිට 2020 දක්වා මීටර් 12 ක් හා 2020 සිට 2023 දක්වා මීටර් 9 ක පැල්මේ වර්ධනයක් සිදු වී ඇති බවත්ය.