යාපනය පොලිස් වසමේ කොළොම්බුතුරෙයි ප්රදේශයේ මුහුදු වෙරළේ ධීවර කටයුතු සඳහා ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.
යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මෘත ශරීරය සොයාගෙන තිබිණි.
එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ, 19 හැවිරිදි පෙරියකල්ලාරු ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තරුණයා මුහුදේ මාළු අල්ලමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.