දකුණු අප්රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්විය.
බීමත් රියදුරකු ධාවනය කරන්න වූ මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය කියයි. කෙසේ නමුත් සූමාට කිසිදු අනතුරක් සිදුවී නැත.
මෙම අනතුරක් නැතිනම්, සූමාට අනතුරක් කිරීමට හිතාමතා සැලැසුම් කළ ක්රියාවක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇතැයි සූමාගේ එම්.කේ පක්ෂය පවසයි.
2009 වසරේ සිට 2018 වසර දක්වා දකුණු අප්රිකානු ජනාධිපති ධුරයේ කටයුතු කළ 81 හැවිරිදි ජේකොබ් සූමා, ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබුණ ද ඔහුට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.