බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී තම වැඩිමහල් සහෝදරයා ව ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ රුවන්වැල්ල, කුඩගම ප්රදේශයේදී ඊයේ (30) රාත්රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවය.
එසේ මියගොස් ඇත්තේ, කුඩගම, අමිතිරිගල ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු නිවස අවට පිරිසිදු කරමින් සිටියදී ඔහුගේ බාල සහෝදරයා පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා එම ඝාතනය සිදුකර ඇති බව අනාවරණ වී තිබේ.
ඝාතනයට සම්බන්ධ 40 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.