ශ්රී ලංකාව යළිත් ක්රිකට් ක්රීඩාවෙන් ලොව ප්රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එසේම දේශපාලනය සහ ක්රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකී සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ෂැංග්රිලා හෝටලයේ පැවති සිංහල ක්රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි.
සිංහල ක්රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.