චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී අද (27) පැවැත්විණි.
එහිදී චීන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුහදව පිළිගත්තේ ය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කළේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.