ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ දී අද ( 27) උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාවේ ප්රතිඵල පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් අතර එම සාකච්ඡාව පැවැත්වුණේ ඉකුත් සතියේදීය.
කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකයා සහ මුලින් පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීමට නොහැකිවිය.
මීට අමතරව පක්ෂය වෙනුවෙන් කමිටු කිහිපයක් පිහිටුවීමද අද රැස්වීමේදී කෙරෙනු ඇත.