පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්රදේශයේදී ඊයේ (22) සවස ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදරු මවක් මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරීන් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වෙම්බුවැව පදිංචි 43 හැවිරිදි තිදරු මවක් වන ආර්.එම්.කුසුමලතා මල්කාන්ති නැමති කාන්තාවක් බව කියයි.
මෙම කාන්තාව පුත්තලම මූලික රෝහලේ ප්රථිකාර ලබමින් සිටි ඇගේ පියාගෙ සුවදුක් බැලිමට දරුවන් තිදෙනා සමග යතුරු පැදියෙන් ගොස් ආපසු ආණමඩුව වෙම්බුවැව ගම්මානය වෙත ගමන් කරමින් සිටියදී ආණමඩුව දෙසින් පැමිණි පුද්ගලික වෙළද සමාගමක බෙදාහැරිම් කටයුතු වල නිරත ලොරි රථයක ගැටි මාර්ගයෙන් විසිවි ගොස් අනතුර සිදුව තිබු බව පොලිසිය කියයි.
අනතුරීන් තිදරු මව එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබු බවත් මවත් සමග යතුරු පැදියෙ ගමන් ගනිමින් සිටි දරුවන් බරපතල තුවල ලබා කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ප්රතිකාර සදහා රැගෙන ගොස් තිබු අතර අනතුරීන් ලොරි රථයද පෙරළියාම හේතුවෙන් එහි රියදුරාද බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබු බව කියයි.
කෙසේ නමුත් මරණයට පත් කාන්තාව සමග රෝහලට පැමිණි තවත් දියණියක් යතුරු පැදියෙ ඉඩ ප්රමාණවත් නොවිම නිසා බස් රථයෙන් ආණමඩුව බලා ගොස් තිබු බව කියයි.