කරත්තේ බැඳපු අම්බරුවා සේ ජහ් කියන විට යන හිටු කියන විට නවතින කතානායකවරයාගේ මුළු භූමිකාවම දිරාපත් වී ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විශ්වාස භංගයේ වගන්ති කෑලි අස්සේ නොව කතානායකවරයාගේ චර්යාවෙන්ම ඔහු පුටුවට උචිත නොවන බව පෙනෙන්නට තිබෙන්නේ යැයිද දිසානායක මහතා කීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසබංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මෙසේද කීය.
අප රටේ වගකීම් විරහිතව හැසිරෙන්නේ කතානායක විතරද? ජනාධිපතිවරයා පවා අනීතිකව හැසිරෙමින් මැතිවරණ කල් තබමින් සිටිනවා. ඒ නිසා මේ සමස්තයට එරෙහි දේශපාලනයක් ඊයේ අවශ්‍ය වී තිබෙනවා.මේ විශ්වාසභංග ඡන්දයෙන් නැතත් ලබන මහමැතිවරණයේ දී නම් කතානායකවරයාට අනිවාර්යයෙන් ගෙදර යන්නට වෙනවා.