දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ කෝප්රල්වරයකු ලෙස සේවය කළ 100 හැවිරිදි වියේ පසුවන හැරල්ඩ් ටෙරන්ස් සිය පෙම්වතිය වන සිය පෙම්වතිය වන 96 හැවිරිදි ජිනේ ස්වර්ලින් සමඟ විවාහ වීමට සුදානම් වේ.
දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු හමුදා ප්‍රංශයට පැමිණි මුහුදු වෙරළේදී හැරල්ඩ් සහ ජිනේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිතය.2021 වසරේදී හැරල්ඩ් සහ ජිනේගේ ප්‍රේම කතාව ආරම්භ වී ඇත. ජිනේ සැබැවින්ම තම ජිවිතයේ විශේෂ චරිතයක් බවත් ඇයට හදවතින්ම ආදරය කරන බවත් හැරල්ඩ් පැවැසුවේය.
හැරල්ඩ්ට මුළු හදවතින්ම ආදරය කරන බවත් ඔහු හාදු දීමට දක්ෂයකු බවත් ජිනේ ප්‍රකාශ කළාය.දෙදෙනාම ඇමෙරිකානු ජාතිකයන් වන අතර ඔවුන් දෙදෙනාම ආදර සබඳතාවය ආරම්භ කිරීමට ප්‍රථම වැන්දඹුවන්ය.හැරල්ඩ් 1942 වසරේදී ඇමෙරිකානු හමුදාවට බැඳී ඇත.ඔහු සමඟ හමුදාවට බැඳුණු මිතුරන් සියල්ලම මේ වන විට මියගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
හැරල්ඩ්ගේ කලින් බිරිඳ වූ තෙල්මා සමඟ ඔහු 70 වසරක සාර්ථක යුග දිවියක් ගත කර ඇති අතර 2018 වසරේදී තෙල්මා මියගොස් ඇත.තෙල්මා මියගිය පසු හැරල්ඩ් අනෙක් කාන්තාවන් දෙස නොබැලූ බවත් ජිනේ මුලින් ගණන් නොගත් බවත් හැරල්ඩ් පැවැසුවේය.පළමු වතාවේ ගණන් නොගත්තත් දෙවැනි වතාවේදී ඇය ගැන ආදරයක් සිතුණු බව හැරල්ඩ් ප්‍රකාශ කළේය.