රටේ ණය අර්බුදය විසඳීම සඳහා තම ආණ්ඩුවක් යටතේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය
ජාත්‍යන්තර වශයෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අර මුදල මැදිහත්කරුවකු ලෙස සම්බන්ධ කර ගන්නා බවද සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී කොන්දේසි වලට යටත් වීමට අවශ්‍ය නැතැයි ඔහු කීවේය.
ආර්ථිකය ගොඩ ගැනීමට කෙටිකාලීන මධ්‍ය කාලීන සහ දියුණු කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.