අම්පාර පොතුවිල් අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
එම ඝාතනය කළා යැයි සැක සිතන පුද්ගලයාගේ සිරුරද එල්ලෙමින් තිබියදී සොයාගත් බව අම්පාර දිස්ත්රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.
මියගිය කාන්තාව සහ අනෙක් පුද්ගලයා ඊයේ(12) මෙම හෝටලයේ කාමරයක් රැගෙන නැවති තිබේ.
මෙම දෙදෙනා සවස 5.00 පමණ වනතෙක් කාමරයෙන් එලියට නොපැමිණි නිසා හෝටල් හිමිකරු විසින් අරුගම්බේ සංචාරක පොලිසියට දැනුම් දිමෙන් අනතුරුව පොලිස් නිළධාරින් පැමින කාමරයේ දොර හැර බලනවිට කාන්තාව ලේ විලක්මැද වැටි සිටි ඇති අතර පිරිමි පුද්ගලයාගේ එල්ලෙමින් තිබු සිරුර දැකගැනිමට හැකිව ඇතැයි පොලීසිය කියයි .