මේ දිනවල වෙළඳපොළ තුළ ලොකු ළූන මිල ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 600කටත්, සිල්ලර මිල රුපියල් 700කටත් අලෙවි වන බව ඔවුහු සඳහන් කරති.
මේ අතර වෙළඳපොලේ ලොකු ලූණු වල හිඟයක් පවතින බවත් පාරිභෝගිකයෝ පවසති.
පකිස්ථානය සිය අපනයනය සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු ආනයනය ඇනහිටීම ලොකු ලූනු මිල හිටි හැටියේ සීඝ්රයෙන් ඉහළයාමට හේතු වී ඇතැයි වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
රජය මැදිහත් වී ලොකු ලූනු අනයනයට ඉන්දියාවෙන් රාජතාන්ත්රික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියේදී රුපියල් 1,000ක් වැනි මිලකට ලොකු ලූනූ මිල ඉහළ යනු ඇතැයිද ලොකු ලූනු අනයනකරුවන් පවසති.