කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
කොම්පඤ්ඤවීදිය දුම්රිය මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සහ කොම්පඤ්ඤවීදිය ලේක් සයිඩ් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් අතර තාප්පයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
එහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙහිදී කොම්පඤ්ඤවීදිය ලේක් සයිඩ් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ ප්රවේශ මාර්ගය හරස්කොට ඉදිකර ඇති බව පවසමින් තාප්පය කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ සමගම එයට විරෝධය පළකරමින් කොම්පඤ්ඤවීදිය දුම්රිය මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයක් ආරම්භ කළේය.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට ද සුළු වේලාවක් බාධා එල්ලවිය.
කෙසේ වෙතත් එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමග තත්ත්වය සමනය වූ අතර පසුව එම දෙපාර්ශ්වයම නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් පොලීසිය වෙත කැඳවාගෙන යනු ලැබීය.