අත්අඩංගුවට ගත් උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇප මත මුදාහැර තිබේ.
මාර්තු 5 වනදා රාත්රියේ උඩප්පුව පොලිස් වසමේ උඩප්පුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇති වූ බහින් බස්වීමක් හා පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා වුණි.
එහිදී උප පොලිස් පරීක්ෂකවරයා සහ අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් තුවාල ලබා ප්රතිකාර සඳහා උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා උප පොලිස් පරීක්ෂකවරයා පුත්තලම රෝහලටත් අනෙක් පුද්ගලයා හලාවත රෝහලටත් මාරු කර යවා ඇත.
ගැටුම සිදුවන අවස්ථාවේ දී උප පොලිස් පරීක්ෂකවරයාගේ මෝටර් රථය තුළ තවත් සිවිල් පුද්ගලයින් කිහිපදෙනකු සිට ඇති බවද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වුණි.
ඒ අනුව එම රථයේ රියදුරු, මෝටර් රථයේ හිමිකරු , මෝටර් රථය හා අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට අයත් යතුරුපැදියක් සිද්ධිය වූ දිනම අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28ක් හා 58ක් වූ උඩප්පුව හා කොත්තන්තිවු ප්රදේශවල පදිංචිකරුවන්ය.