හුංගම කහදමෝදර ප්රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ අද (06) උදෑසන කාලයේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා රන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරුකර යැවීමේදී මියගොස් ඇත.
ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
කාන්තාවක් සමග පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මරණකරු සහ සැකකරු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
හුංගම පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.
මියගිය පුද්ගලයා ධීවර යාත්රාවක ස්කීපර්වරයෙක් වන අතර තිදරු පියෙකි.