බීමත්ව රිය පදවා තුන්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේදී යතුරු පැදියක සහ කාර්රථයක ගැටීමෙන් රිය අනතුරුක් කළ බව කියන විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිසි අධිකාරීවරයකු කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (01) සවස සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පදවන ලද මෝටර් රථය පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ තුන්මුල්ල මංසන්දිය දෙසට ධාවනය කිරීමේදී රාජකීය විදුහල ආසන්නයෙය් පිහිටි පදික මාරූව අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ගැටී ඇතැයි පොලිසියය කියයි.
යතුරු පැදියේ ගැටුණු කාර් රථය නොනවත්වා තුන්මුල්ල මංසන්දිය දෙසට ගමන් කිරීමේදී තවත් මෝටර් රථයකද ගැටී අතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් කීය.
අනතුර සිදුකළ මෝටර් රථය පදවාගෙන ගිය විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා බීමත්ව සිටි බවට පරීක්ෂණ වලින් තහවුරු වු පසු බීමත්ව රිය පදවා අනතුරු දෙකක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීයකු කීය.