අසල්වැසි නිවසක බළලාට පොහොය දවසේදී මැරෙන තුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරීක්ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ නියම කළේය.
මොළේ ආබාධයක් නැති අයකුට සතෙක්ට මැරෙන තුරු පහරදීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් සැකකරුගේ මොළේ පරීක්ෂා කර ගැනීම ඔහුටම පැවරු මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.
මොළේ පරීක්ෂා කර ගැනීම ඔහුටම පවරමින් මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ රාගම තේවත්තේ පදිංචි අතුල කීර්තීරත්න නමැත්තෙකි.
‘සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය’ සංවිධානය විසින් රාගම පොලිසියට කරන ලද පැමිණීල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු රාගම පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.