වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්රදේශයේ දී අද රාත්රි තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, හොරවල ප්රදේශයේ පදිංචිව සිටී මල්ලව ආරච්චිගේ තරිදු ධනංජය නමැති 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කිය.
ප්රදේශයේ කොටහලු උත්සවයක් පැවත ඇති බවත්, පැවතී පැරණි කෝන්තරයක් සම්බන්ධයෙන් එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය සඳහන් කරයි.