ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේද අනුව ශ්‍රී ලංකා පොලීසිය ද අනුගත කිරීම තම බලාපොරොත්තුව බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් විද්‍යා විෂයට අදාළව පවත්වනු ලැබු Advance Grade සහ Elementary විභාග සමත් නිලධාරින්ට සහතිකපත් පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා එම අදහස් පළ කළේය.
ඉදිරි කෙටි කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ පුළුල් වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
“මෑත කාලීනව අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා පටන් ගත්ත මෙහෙයුම්වලට අපරාධ වාර්තා කොට්ඨාසයේ දායකත්වය අති විශිෂ්ඨයි. ඇත්ත වශයෙන්ම මගේ දැක්මත් ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේදවලට ශ්‍රී ලංකා පොලීසිය අනුගත කිරීම ආදිය ඉදිරියේ දී පුළුල් කරලා ලොකු වෙනසක් අපි ඉදිරි කාලය තුළ සිදුකිරීමට අවශ්‍යයි. අවුරුදු 4කට වැඩි කාලයක් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළා මම. බස්නාහිර පළාතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අවසන් දවස අද වෙලා තියෙනවා හෙට දවසේ දී අලුත් රාජකාරිය ආරම්භ කිරීම නිසා. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස මම නිල වශයෙන් සහභාගී වෙන අවසන් උත්සවය මෙය විය හැකියි. මම ස්තූතිවන්ත වෙනවා බස්නාහිර වගේ ලංකාවේ අපරාධ බහුලම ප්‍රදේශයක රාජකාරි කරගෙන යෑමේ දී මා සමග සමීපව හොඳ සහායක් ලබාදෙමින් මෙම නිලධාරීන් කටයුතු කිරීම සම්බන්ධයෙන්.”
මෙම උත්සවය සඳමා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු අසංක කරවිට සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තල්දූවට ඇතුළු නිලධාරින් පිරිසක්ද එක්ව සිටියහ.