ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොඳුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සියලුම අමාත්‍යාංශ සහ රජය ආයතන විසින් ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකා රජයේ ඩොලර් මිලියන 01 ක පරිත්‍යාගය විපතට පත් ළමුන් සහ පුරවැසියන්ගේ දායකත්වය දිරිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරිනු ලැබේ.