මානසික රෝගයකින් පෙලෙන තම දරුවාට බෙහෙත් බීමට බලකළ පියෙකු රෝගී දරුවා විසින්ම පොරොවකින් කොටා ඝාතනය කර ඇතැයි පිටිගල පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පියදාස ජයසිංහ නමැති පිටිගල, කලුආරච්චිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෙම ඝාතනයට අදාළව මරණකරුගේ 47 හැවිරිදි පුතු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මරණකරුගේ පුතු අංගොඩ මානසික රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා මානසික රෝගයෙන් සුවපත් වූ බවට වෛද්‍යවරුන් තීරණය කර ඇත.
මේ අනුව මීට මාස එකහමාරකට පෙර එම පුද්ගලයාව අධිකරණ අවසරය මත මාපියන්ට බාර දී තිබෙන අතර දෛනිකව ඖෂධ වට්ටෝරු ද ලබාදෙන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ පියා පුතුට අවශ්‍ය ඖෂධ ලබාදීමට උත්සහා දරා ඇති අතර එය ලබාගැනීම පුතු විසින් ප්‍රතික්ෂේප කරමින් නිවසේ සැඟවී සිට ඇත.
ඒ අනුව පියා ආලින්දයේ පුටුවක වාඩි වී සිටියදී පුතු විසින් පොරොවකින් හිසට පහරදී ඝාතනය කර තිබෙන අතර පිටිගල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මානසික රෝගයෙන් තවමත් පෙළෙන අයෙකු බවය.