ශ්රී පාද වන්දනාවේ යන නඩයක් රැගත් බසයක් නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
බර වාහන ඇතුළු වීම තහනම් කර ඇති නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේ ගමන් කරමින් සිටියදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි තිස් දෙනෙකුගෙන් යුතු පිරිසක් ගමන් කර ඇතැයි ද පොලිසිය පවසයයි.
අනතුරින් තුවාල ලැබුවන් යානුඔය පොලිසිය හා ගම්වාසින් එක්වී නුවරඑළේ දිස්ත්රික් මහ රෝහල වෙතට ප්රතිකාර සඳහා යොමු කිරීමේ කටයුතු සිදු කිරීමට කටයුතු කළේය.
තුවාල ලැබුවත්ට වඩිනම් ප්රතිකාර ලබාදීමට නුවරඑළියේ මහ රෝහල් කටයුතු කරන බවද නානුඔය පොලිසිය අනාවරණය කරයි.