සිය පුතා පොල්ලකින් පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු ඊයේ (21) දොම්පේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව පොලීසිය විසින් ඔහුට රෝහල්ගතවීමට අධිකරණ වෛද්‍ය පෝරමයක් ද නිකුත් කර ඇති අතර රෝහල් ගතවීමක් සිදුවී නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව ඊයේ දහවල් කාලයේ දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දිය අසල සැකකටයුතු ලෙස පුද්ගලයෙක් වැටී සිටින බවට දොම්පේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.
අදාළ පුද්ගලයා එලෙස වැටී මියගොස් තිබූ අතර ඔහු 60 හැවිරිදි මැදවරණිය තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.