හබරණ රක්ෂිතයේ සැරිසරන වනඅලියෙකු හබරණ – දඹුල්ල ප්රධාන මාර්ගයේ සැරිසරමින් සිටියදී එම වනඅලියා ආසන්නයට ගොස් අනතුරුදායක ලෙස කටයුතු කරන සංචාරකයින් කිහිපදෙනෙකු පිළිබඳව මෙලෙස කැමරාවක සටහන්වී තිබුණි.
මෙලෙස මාර්ගය අසලට පැමිණෙන වනඅලින්ට ජනතාව ආහාර ලබාදීමට පුරුදුවී සිටීම හේතුවෙන් එම සතුන් දිනපතාම මෙම මාර්ගයේ සැරිසරමින් සිටී.
ඒ අතරතුර ත්රීරෝද රථයකින් සංචාරකයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු රථය නවතා වනඅලියා ආසන්නයට ගොස් සංචාරකයෙකුට ඡායාරූපයක් ලබාදීමට කටයුතු කළ අයුරුද මෙලෙස කැමරාවේ සටහන්වී තිබුණි.
මෙවැනි සිද්ධීන් හමුවේ වනඅලින් රථවාහනවලට පහරදීමේ සිද්ධීන්ද මීන් පෙර වාර්තා වී තිබුණි.
වනජීවී නිලධාරීන් ඉල්ලා සිටින්නේ සංචාරකයින් සහ මගීන් මෙවැනි අවදානම් ක්රියාවලින් වැළැකී සිටිය යුතු බවය.