ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය නොදන්නා කමට කළ ප්‍රකාශයක් බවත් ඔහුගේ ප්‍රකාශ ගාණකට නොගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඊයේ (20) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලස්ථානයේදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ඉතිහාසයේ සිට ඉන්දීය ආක්රමණයන්ට එරෙහිව ශ්‍රී ලංකාව යුද්ධ කළ රටක් නිසා කිසිවිටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව කී දිසානායක මහතා ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය හේතුවෙන් එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව ද සඳහන් කළේය.
හරින් ප්‍රනාන්දු මහත්මයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නොව යූඑන්පී එකේ සාමාජිකයෙක් බවත් ඔහුගේ ප්‍රකාශ පොදුජන පෙරමුණ සත පහකට ගණන් නොගන්නා බවත් ඒ මහතා කීය.
පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම බිංදුවටම වැටුණු බවත් වර්තමානය වන විට එහි ඡන්ද පදනම නැවත නැගිටමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.