මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සහ අදාල වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයකු ඇතුලු සැකකරුවන් දෙදෙනකු ඊයේ (17) දින අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
වෙඩික්කරුවන් දෙදෙනා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මුදල් කොල්ලයෙන් පසු පූගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතුව තිබූ රත්‍රං ආභරණ කිහිපයක්ද කොල්ල කා පලා ගොස් අදාල ව්‍යාපාරිකයාට අයත් අවන්හලක යතුරු පැදිය සගවා තිබූ බවත් පොලිසිය පවසයි.
එම වෙඩික්කරු ඇතුලු දෙදෙනාට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයකු ද අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන 39 හැවිරිදි පුද්ගලයකු සහ 44 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.