කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි භාවිත කිරීමේ දී අය කරනු ලබන ගාස්තු යළි සංශෝධනය කර තිබේ.
එම වැසිකිලි භාවිත කිරිමේ දී අය කළ රුපියල් 20ක් ව පැවති ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට බලධාරින් පියවර ගෙන ඇති බවට ජනතාව චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ, වැසිකිළි ගාස්තු ඉහළ නැංවීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ අනුව ඉහළ නැංවු ගාස්තු පෙර පැවැති මිල ගණන් දක්වා යළි සංශෝධනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් එම වැසිකිළි නඩත්තු කරන පාර්ශව වෙත දැනුම් දීමක් සිදු කර තිබේ.
ඒ අනුව ඊයේ පස්වරුවේ සිට පෙර පැවැති රුපියල් 20 ගාස්තු යටතේ ආදාළ අය කිරිම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව සඳහන් කරයි.