මෙරට ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැති බවත් එයට ධීවර අමාත්‍යංශයේ බලධාරීන් වලකිය යුතු බවත් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවසීය.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංගමය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ජයන්ත කුරේ මහතා එසේ පැවසීය.
එම වෙළෙඳ සංකීර්ණයට ටොන් සියයක ශීතාගාරයක් අවශ්‍ය වුවද දැනට ටොන් තුනක ශීතාගාරයක් පවතින බව කී කුරේ මහතා ටෙන්ඩර් ක්‍රියාවලියකින් හෝ පුද්ගලික සැපයුම්කරුවෙකු තෝරාගන්නැයි ධීවර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ලේකම්වරයා සඳහන් කළේය.
එම වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළදසැල් 157 ක සේවකයින් 1000 ක් පමණ සේවය කරන බව කී ඒ මහතා පැවසුවේ දෛනිකව මත්ස්‍ය කපා ඉවත් කර එකතු වන අපද්‍රව්‍ය එක් තැනක ගොඩගසා තිබූ බවත්ය.
පෑලියගොඩ නගර සභාව, ධීවර සංස්ථාව සහ ධීවර අමාත්‍යංශය යන ආයතනවලට එම අපද්‍රව්‍ය ගැටලුවක් බවට පත්ව තිබූ බවත් මේ හේතුව මත ධීවර අමාත්‍යංශයේ ද අනුමැතිය මත මත්ස්‍ය අපද්‍රව්‍ය කොම්පොස්ට් කරන කර්මාන්තශාලාවක් මිලියන 50 ක් වැයකර ඉදිකළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.