සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර සියලුම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කර ජනතාවට සහන සැලසීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
බොහෝ ආනයනික භාණ්ඩ වලට පනවා ඇති බදු ඉවත් කිරීම හා අඩු කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමු කර ඇතැයි ද ඉදිරි කාලයේ කිස්සේත්ම මිල වැඩිවීම් නැති අතර තිබෙන්නේ මිල අඩු කිරීම් පමණක් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පාවිච්චි කරන ලද පොල්තෙල් ආනයනය සීමා කිරීම හා දේශීය පොල්තෙල් නිෂ්පාදන වල තත්ත්වය උසස් කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (14)පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.