රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ගොනුකළ පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සමෙහි තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
මෙම අභියාචන පෙත්සම ගාමිණි අමරසේකර, කුමුදිනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
සමාජ ක්‍රියාකාරී ඹ්ෂල හේරත් මහතා විසින් ගොනු කොට තිබූ අභියාචන පෙත්සමෙහි වගඋත්තරකරු හැටියට රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය නම් කරනු ලැබ සිටින්නේය.