මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන් වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.
රාජකාරී සිදු කරමින් සිටියදී සිදු වූ වෙඩි වැදීමක් හේතුවෙන් පශ්චාත් උසස් වීම් පදනම යටතේ එම සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක තනතුරට පත්කර තිබේ.
ඊට අමතරව පොලිස් ත්‍යාග අරමුදලෙන් එම සැරයන්වරයාගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් ලක්ෂ දහයක මුදලක් පිරිනැමීමටත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව නිහාල් තල්දුව මහතා පැවසීය.