මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් වු පාසල් සිසුවියක් සියදිවි නසා ගෙන ඇති පුවතක් ඊයේ (12) වාර්තා වුණි.
පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 18ක් වූ සිසුවියක් එලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවය.
නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක දැරිය එලෙස සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අසල්වැසියන් විසින් සොයාබැලීමේ දී දැරිය සියදිවි නසාගෙන ඇති බව දැක ඇති අතර, පසුව දැරියව පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ගොස් ඇත.
දැරිය රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගොස් සිට ඇතැයි වාර්තා වේ.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.