අපි රටකට යාම,රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
ඒ මහතා එසේ පැවසූවේ සිය ඉන්දීය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ පැවැසීය ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අප නොවෙයි.
අප රටේ ආර්ථිකය කඩා වැටීම , දේශපාලන අර්බුදය මෙන්ම ජනාධිපතිවරයා ජන්ද කල් දැමීම ලෝකය මෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයන් ද දන්නා කාරණයක් , කවර මැතිවරණ කල් දාන්න උත්සාහ කළත් එළඹෙන ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කළ යුතුයි. එය රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත්වෙනවා.
ඉන්දීය රජය සමග එකගතා , පොරොන්දු රජයන් අතර සිදු වෙනවා , අප දේශපාලන ව්‍යාපාරයක් බැවින් අපි අවබෝධ කර ගැනීම වර්ධනය කර ගැනීම සිදු කළ යුතුයි.