විරෝධතාවකට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණ කිරීමක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට ඊයේ (9) පස්වරුවේ ලිපියක් භාරදුන්නේය.
එම ලිපිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක් භාරගත්තේය.