දිවයින පුරා තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 349 දෙනෙකුගේ ලැයිස්තුවක් පොලීසිය යුක්ති ලේඛණයට ඇතුළත් කර තිබේ.
2023.12.17 වනදා ආරම්භ කළ යුක්ති මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදුකෙරේ.
ඒ අනුව, දිවයින පුරා අලුතින් හඳුනාගත් ජාවාරම්කරුවන් 296 දෙනෙකුගේ ලැයිස්තුවක් සහ දැනට මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන්ගේ අනුගාමිකයින් වශයෙන් හඳුනාගත් තවත් ජාවාරම්කරුවන් 53 දෙනෙකු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 349 දෙනෙකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙලෙස නිකුත් කර තිබේ.
එම ලැයිස්තුව දිවයිනේ සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත යොමුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.