ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (7) සිදුව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් කළ කතාවෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇත.
ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා අතර හමුව විනාඩි විස්සකට ආසන්න කාලයක් පැවති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළිදරව් නොකෙරිණි.
ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා පමණක් මෙම හමුවට සහභාගී වී ඇති බවද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා පවත්වන කතාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබූ නමුත් සරත් ෆොන්සේකා මහතා සභාවේ රැඳී සිටිමින් ජනපති කතාව ශ්‍රවණය කරන අයුරුද දැකගත හැකි විය.