ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී පසුගිය ජනවාරි මස 23වනදා ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.
වෙඩි වැදීමෙන් අපවත් වූයේ ජ්‍යෝතිෂය කටයුතු සඳහා සුප්‍රසිද්ධව සිටි පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි.
මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු තමන් CID නිලධාරීන් බව පවසා මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි.