තම මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කිරීම සඳහා ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් ඉදි කරමින් තිබෙන දෙමහල් නිවසක පළමු මහලෙන් බිමට ඇද වැටී මරණයට පත්ව සිටින බව දොරටියාව පොලීසිය පවසයි.
පසුගිය (1) පස්වරුවේදී සිදුවූ එම අනතුරෙන් දොරටියාව ගල්පොත්තවත්ත හිඳගොල්ල පදිංචි දිගම්පිටිය විද්‍යාලයේ නවවන වසරේ ඉගෙනුම ලැබු සුදේශ් මධුෂංඛ සිසුවා මරණයට පත්ව ඇත.
ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමග නිවසට යාබඳව පිහිටි ඉදි කරමින් පවතින දෙමහල් නිවසේ ඉහල මාලයේ සෙල්ලම් කරමින් සිටියදී තාවකාලිකව සකසා තිබූ ගඩොල් බිත්තියක හැපී එයද කඩාගෙන බිමට ඇදවැටීමෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.