සීදූව කටුනායක නගර සභාවේ ගබඩාව බිඳ රුපියල් ලක්ෂ හතරකට ආසන්න ටයර් තොගයක් සොරාගත් නගර සභාවේ රියදුරන් තිදෙනෙක් ඇතුළු අට දෙනකු අත් අඩංගුවට ගත් බව සීදුව පොලිසිය කියයි.
සෙසු සැකකරුවන් අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුද වන බව පොලිසිය සඳහන් කරයි.
කොටස් දෙකකින් යුත් ගබඩාවේ ටයර් ගබඩා කර තිබෙන කොටස ගබඩා භාරකරු ලෙස කටයුතු කරන පුද්ගලයා ඉකුත් 26 වෙනි දින වසා දැමීමෙන් අනතුරුව 31 වෙනි අවශ්‍යතාවයක් සඳහා විවෘත කිරීමේදී ටයර් ගබඩා කර තිබූ ස්ථානයේ නොතිබූ බැවින් සිදු කළ පරික්ෂාවේදී කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් ගබඩාවේ දැල දොර උඩින් ඇති අඩි දෙකක් පමණ විවෘත කොටසින් ඇතුළු වී ටයර් සොරාගෙන ඇති බවට පැහැදිලි වී තිබූ බව පොලිසිය කියයි