යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 212 ක්, අයිස් ග්‍රෑම් 101ක්, මත්පෙති 169, ඇතුළු මද්දවිය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 562 දෙනා අතරින් සැකකරුවන් 05 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 241 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවෝ 214 ක්ද සිටිති.