බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්රශ්න කිරිම්වල දී යතුරුපැදියක් හා වෑන් රථයක් හක්මන පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය සැක කරන්නේ, ප්රහාරය සඳහා යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවි දෙක බැහැර කිරීමට අදාළ යතුරුපැදිය යොදාගෙන ඇති බවයි.
අපරාධයෙන් පසු ව සැකකරුවන්ට සැඟවී ගමන් කිරීමට අදාළ වෑන් රථය භාවිත කිරීම සඳහා සූදානම් කර තිබූ බවට ද පොලීසිය සැක පහළ කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තවදුරටත් ක්රියාත්මක බව සඳහන්ය.