කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන වැරැදිකරුවන්ට නිවෙසටම දඩ පත් යැවීමේ ව්‍යාපෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සී.සී.ටී.වී මෙහෙයුම් කොට්ඨාසයේදී ආරම්භ කෙරිණි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
කොළඹට පැමිණෙන රියැදුරන් දැනුවත් කිරීමේ පුවරු 9 ක් ස්ථාපිත කිරීම ද එදින සිදුකෙරිණි.
සමීප රෑප ආවේක්ෂණය කොට්ඨාසය මගින් ලබාගන්නා රථවාහන වැරැදිවලට අදාල රියැදුරන්ට සතියක කාලයක් අවවදා කිරීම සිදුකරන අතර ලබන මස (1) දා සිට දඩ පත්‍රිකා නිකුත් කිරීම සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.