නුගේගොඩ පැලවත්ත පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ මෙට්ටය යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ පෞද්ගලික ගිනි අවිය , එම ජීව උණ්ඩ 3 ක් සහ රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා රන්බාන්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
ටැන්ෆොග්ලියෝ වර්ගයේ අංක ඒ බි 40721 අංක දරන 9 එම් එම් පිස්තෝල ගිනි අවිය සහ රුපියල් 7 ලක්ෂ 14000/= ක් පමණ වටිනා රන් වළලු 4 ක්, මුදු 4 ක් හතරක් , මාලා ඇතුළු රන් භාණ්ඩ කීපයක් සොරාගත් දේපළ අතර වන බව පොලිසිය සඳහන් කරයි.
ව්‍යාපාරික සහ බිරිඳ මීට මාස දෙකකට පමණ ඉහතදී ඕස්ට්‍රේලියාව බලා ගොස් ඉකුත් 17 වෙනි දින යළි පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් නිවසට පැමිණීමෙන් අනතුරුව ඇය භාණ්ඩ සහ පිස්තෝල ගිනි අවිය තබා ගිය නිදන කාමරයට ගිය අවස්ථාවේදී එය ඇද තබා තිබෙන අයුරු දැක පරික්ෂා කිරීමේදී ඇඳෙහි මෙට්ටය යට තබා ගිය රන් භාණ්ඩ තොගය සහ පිස්තෝල ගිණි අවිය සොරාගෙන ඇති බවට දැනගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.