නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ එහි තවත් සේවකයන් 51 කගේ සේවය අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (20) පැවසීය.
මෙම සේවකයන් 51 සමග එම වර්ජනයට සහභාගි වූ සේවකයන් 66 කගේ සේවය අත්හිටුවීමට මේ වනවිට කටයුතු කර ඇති බව ඒ මහතා කීය.
සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට බාධා වන පරිදි කටයුතු කිරීමේ චෝදනාවට ඔවුන්ගේ වැඩ තහනම් කළ බව ද ප්‍රියන්ත මහතා කීය.