සිය යට ඇඳුමේ සඟවාගෙන පුපුරන ද්‍රව්‍ය තොගයක් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය පවසයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුවය ප්‍රදේශයේ පදිංචි (51) කාන්තාවකි.
කළු පාට වෙඩි බෙහෙත් ග්‍රෑම් 165, හැමෝනියා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 605, විද්‍යුත් නොවන ඩෙටනේටර් 2ක්, අඩි 10 සේවා නූල් 2 ක්, නීති විරෝධී ව මෙරටට ගෙන්වා ඇති දුම් වැටී 20ක් ඇය සඟවාගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.
යුක්තිය මෙහෙයුමට සමගාමීව පසුගිය (19) කොටවෙහෙර පොලිසිය විසින් අදාල ලංගම බස් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී. මෙම කාන්තාවගේ සැකකටයුතු හැසිරීම අනුව ඇය තවදුරටත් පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ සඟවා තිබූ ඉහත පුපුරන ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.