ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ සමීපතමයෙකුට අයත් නිවසක බංකරයක සඟවා තිබූ ලක්ෂ 22කට අධික මුදලක් නාකොටික් නිලධාරින් විසින් සොයාගෙන තිබේ.
සැකකරු දැනට රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටින පුද්ගලයෙකි.
මොහු ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන දැනට විදේශගත ව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නමැත්තාගේ සමීපතමයෙකු බවට වාර්තා වේ.
පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරීක්ෂා කරන අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වී ඇත.
පසුව අදාළ කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පමණ වයසැති කාන්තාවකි.
මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සඳහා මෙම සැකකාර කාන්තාව රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවට නාකොටික් නිලධාරින් සඳහන් කර තිබේ.