අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැම්ණි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු ඊයේ (18) දහවල් අම්බලන්ගොඩ නගර මධයයේදී ගිනි අවියක් සහ එයට දැමිය හැකි පතුරම් දාහතරක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති.
සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද මේ සමගම අත් අඩංගුවට ගෙන තිබේ.
දැනට විදේශගතව සිටින අහුන්ගල්ලේ හා බළපිටියේ පාතාල කෙරුමන් දෙදෙනකු දුන් කොන්තාත්තුවකට අනුව මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට පැමිණ ඇති බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලා කොළඹ පන්නිපිටියේ පදිංචි අයකු බව අනෙක් සැකකරු බලපිටියේ පදිංචි අයකු බවත් පොලීසිය කියයි.
ඔහු සිය බිරිදගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක සැකකාරුවකු බවද පොලීසිය කියයි.
කොළඹ දෙස සිට පැමිණ ඇති මේ සැකකරුවන් දෙදෙනා තමන්ට ලබාදුන් කොන්තාත්තුව අනුව ඝාතනය කිරීමට අපේක්ෂා කළ මාළු ව්‍යාපාරිකයා චායා රූපයත් රැගෙන ඔහු ගැවසෙන අම්බලන්ගොඩ ධීවර වරායට පැමිණ ඇති බවත් නගරයේ වෙසෙන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් මිදී ඔහුට වෙඩි තබා පලා යාම අපහසු බව තේරුම් ගෙන ආපසු යෑමට උත්සහා කිරීමේදි සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂා කොට අත් අඩංගුවට ගෙන තිබේ.